නව පාපන්දු සභාපති ශ්‍රී රංගාට එරෙහිව තාවකාලික අතුරු තහනම් නියෝගයක්.

අභියාචනාධිකරණය විසින් අභියාචනාධිකරණය විසින් අභියාචනාධිකරණය විසින් අභියාචනාධිකරණය විසින් අභියාචනාධිකරණය විසින් අභියාචනාධිකරණය විසින් අභිනවයෙන් තේරී පත් වූ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලධරයන්ට සිය රාජකාරී කටයුතුවල නිරතවීම වළක්වාලමින් අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී.

එම සම්මේලනයේ හිටපු සභාපති ජස්වර් උමයිර් මහතා ගොනුකළ අයදුම්පතක් අනුව මෙම නියෝගය ලබාදී ඇත.

මෙම නියෝගය හෙට (19) දක්වා ක්‍රියාත්මක වේ.

පසුගිය සෙනසුරාදා පැවති නිලවරණය සඳහා හිටපු සභාපතිවරයාට සහභාගි වීමට තිබූ අවස්ථාව අහිමි කළ බවට ක්‍රීඩා අමාත්‍යවරයාට චෝදනා එල්ල වී තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍යවරයා තමන්ට අසාධාරණයක් කළ බවට චෝදනා කරමින් හිටපු සභාපතිවරයා නීතිමය ක්‍රියාමාර්ගයකට එළඹුණා. ඔහු ඊයේ (17) සවස චෝදනා ගොනු කළේය.

ආන්දෝලනාත්මක නිලවරණයකින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී රංගා පත් කෙරුණේ පසුගිය සතියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *