නව ජනාධිපති නීතිඥවරු දස දෙනෙක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කීර්තිමත් නීතීඥවරුන් දස දෙනෙකු ජනාධිපති නීතිඥවරුන් ලෙස පත් කළේය.

ඔවුන් නුදුරේදීම ශ්‍රේෂ්ඨාධිකරණයේ උත්සවාකාර රැස්වීමකින් අනතුරුව දිවුරුම් දෙනු ඇත. ඉන් අනතුරුව, පත්වීම් ලැබූවන් ජනාධිපති නීතිඥවරයා ලෙස සලකනු ලබන අතර, ඔවුන් අභ්‍යන්තර නීතිඥ මණ්ඩලය වෙත කැඳවනු ලැබේ.

ජනාධිපතිවරයා විසින් සේද පුදනු ලැබූ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් දස දෙනා නම්; චමන්ත වීරකෝන්, වෛද්‍ය අසංග ගුණවංශ, මොහොමඩ් ඇඩමලි, හර්ෂ ප්‍රනාන්දු, වෛද්‍ය සිවාජි ෆීලික්ස්, ෆයිසා මාකර්, කෞෂල්‍ය නවරත්න, උපුල් කුමාරප්පෙරුම, විරාන් කොරයා සහ එරාජ් ද සිල්වා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *