අභිනවයෙන් තේරී පත්වූ නව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(18) අනුරාධපුර රැවන්වැලිසෑ පුදබිමේදී ජනපති ලෙස දිවුරුම් දුන්නේය.
අගවිනිසුරු ඉදිරියේ දිවුරුම් දීමෙන් පසු ජාතිය අමතා ගෝඨාභය මහතා ප්රකාශ කළේ රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ශ්රී ලාංකිකයින් සියලු දෙනාට තමා සමඟ එක් වන ලෙසයි.
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ශ්රී ලංකා පොදුජන පෙරමුණින් තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) මීට පෙර අනුරාධපුර රුවැන්වැලි සෑ මහ මළුවේදී දිවුරුම් දීමෙන් පසු මහාසංඝරත්නය සෙත් පිරිත් දේශනා කර නව ජනපතිවරයාට ආශිර්වාද කළේය.
Congratulations