ගෝඨාභයට විශිෂ්ට ජයක් – දිවුරුම්දීම හෙට රුවන්වැලි සෑ පුදබිමේදී

නොවැම්බර් 16 වැනිදා පැවැත්වූ ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් 52.25%ක ඡන්ද ප්‍රතිශතයක් ලබමින් මෙරට 7වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා තේරී පත්විය.

ඒ අනුව සමස්ථ ඡන්ද 6,924,255ක් ලබමින් 52.25%ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සමත් විය. ප්‍රතිවාදී අපේක්ෂක නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 5,564,239ක් විය. එය සමස්ථ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 41.99% ක ප්‍රතිශතයකි. තෙවැනියට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් හිමිකරගත්තේ ජාතික ජනබලවේගය නියෝජනය කළ අනුර කුමාර දිසානායක මහතාය. ඒ මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 418,553කි. එය සමස්ථ ඡන්ද සංඛ්‍යාවෙන් 3.16%ක ප්‍රතිශතයකි. අද සවස මැතිවරණ කොමිසමේ පැවැති රැස්වීමෙන් අනතුරුව ජයග්‍රාහකයා මැතිවරණ කොමිසමේ සභාපති විසින් ප්‍රකාශයට පත්කරන ලද අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ධූරයේ දිවුරුම් දීම හෙට(18) අනුරාධපුර රුවන්වැලි මහ සෑ මළුවේදී සිදුකිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *