LK reports news sinhala

නවසීලන්ත පිතිකරුවෝ තරගය අතට ගනිති

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයටත් වර්ෂාවෙන් බාධා සිදුවිය. අද(25) තරගය නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙන නවසීලන්ත කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 382ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවිය.

ඔවුන් මේ වන විට පළමු ඉනිමේදී කඩුලු 5ක් අතැතිව ශ්‍රී ලංකාවට වඩා ලකුණු 138ක් ඉදිරියෙන් සිටී. නවසීලන්තය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු ටොම් ලෙතම් ලකුණු 154ක් ලබා ගත් අතර ඔහුට මනා සහයක් දුන් බී.ජේ.වැට්ලින් නොදැවී ලකුණු 81ක් ලබා සිටී. නවසීලන්ත පිතිකරු කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් වේගවත් ඉනිමක නිරත වෙමින් පන්දු 75කදී නොදැවී ලකුණු 83ක් ලබා සිටී.

ශ්‍රී ලංකාව වෙනුවෙන් දිල්රුවන් පෙරේරා කඩුලු 3ක් බිඳ හෙළූ අතර හෙට තරගයේ අවසන් දිනයයි.

 

Leave a Reply

Your email address will not be published.