සංචාරක ඉන්දීය කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර නවසීලන්තයේ ඕක්ලන්ඩ්හි පැවැති පළමු විස්සයි විස්ස තරගයෙන් කඩුලු 6ක ජයක් හිමිකරගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 203ක් ලබාගත් අතර ඊට නායක කේන් විලියම්සන් සහ රෝස් ටේලර්ගේ අර්ධ ශතකද ඇතුළත් විය.
ලකුණු 204ක් ජයග්‍රාහී ඉලක්කය හඹාගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 19කදී කඩුලු 4ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගැනීමට සමත් විය. විශිෂ්ට ඉනිමක නිරතවූ ශ්‍රෙයාස් අයියර් නොදැවී ලකුණු 58ක් ලබාගත්තේ පන්දු 29කට පමණක් මුහුණ දෙමිනි. ලොකේෂ් රාහුල්ද අර්ධ ශතකයක් ලබාගත් අතර නායක විරාත් කෝලි ලකුණු 45ක් ලබාගැනීමට සමත් විය.