ගම්පහ ප්රදේශයේදී නවත්වන ලෙස පොලිසිය කළ නියෝගයක් නොතකා ධාවනය කළ බව කියන වෑන් රථයකට පොලිසිය වෙඩි තබා තිබේ.
පොලිසිය සඳහන් කළේ, ගම්පහ අස්ගිරිය ප්රදේශයේ උඩුගම්පොළ මල්වත්ත මාර්ගයේදී මෙම සිද්ධිය සිදුව ඇති බවයි.
වෙඩි තැබීමෙන් වෑන් රථයේ රියැදුරු තුවාල ලබා ඇති අතර, පසුව ඔහු අත්අඩංගුවට ගෙන ප්රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මක බව පොලිසිය සඳහන් කළේය.


