නවතම හියුමන් රයිට්ස් වොච් වාර්තාවෙන් ලංකාව දැඩි විවේචනයට

ශ්‍රී ලංකාවේ නව පාලනය මෙන්ම පසුගිය පාලනයද දැඩි ලෙස විවේචනයට ලක්කරමින් අන්තර්ජාතික හියුමන් රයිට්ස් වොච් ආයතනය සිය නවතම වාර්තාව නිකුත් කර තිබෙනවා.

2020 වර්ෂයට අදාළව නිකුත් කළ නවතම වාර්තාවේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ඔවුන් සිය වෙබ් අඩවිය ඔස්සේ හඳුන්වා දී ඇත්තේ ‘මිනිවළෙන් මානව හිමිකම් රැගෙන ඒම – නව පරිපාලනය විසින් සිවිල් ක්‍රියාකාරිකයන්ට, මාධ්‍යවෙත හා යුක්තිය ඉල්ලා සිටින වින්දිතයන්ට තර්ජනය කරමින් සිටියි’ යනුවෙනි.

ශ්‍රී ලංකාව පිළිබඳ පසුගිය වසර ගණනාවකදීම ආයහපත් ප්‍රතිරූපයක් නිර්මාණය කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට සිය වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරන හියුමන් රයිට්ස් වොච් ආයතනය, මෙවර වාර්තාවෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ 2019 වර්ෂයේදී ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු එරට මානව හිමිකම් ආරක්ෂා කිරීම බරපතළ අනතුරකට මුහුණ පා ඇති බවයි. එමෙන්ම නව අගමැතිවරයා වශයෙන් පත්වූ මහින්ද රාජපක්ෂගෙ 2005 – 2015 පාලන සමයේදී මානව හිමිකම් උල්ලංඝනය කිරීම සහ යුද අපරාධ සිදුවූ බවද මෙම වාර්තාවේ සඳහන්ව ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව පසුගිය රජය සමයේ සිදුවූ ප්‍රහාරයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවගේ නිවාස සහ ව්‍යාපාරවලට හානිවී ඇතැයි ද එම වාර්තා කියයි.

දේශපාලන රැකවරණ ඉල්ලා සිටිමින් පාකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ සිටි 1000ක් පමණ වූ මුස්ලිම් ජනයාද රටතුළදී අතවරයට ලක්වූ බව පවසයි. එහි සඳහන් කර ඇති මානව හිමිකම් සුරැකීමට එරෙහි චෝදනා අතරට හමුදාපතිවරයා වශයෙන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා පත්කිරීමද පෙන්වා දී තිබේ. ඔහු පසුගිය යුද සමයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමට චෝදනා ලැබූවකු වීම ආදී සිදුවීම් ගණනාවක්ද ශ්‍රී ලංකාවට එරෙහිව මානවහිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත මෙම වාර්තාවේ සටහන් කර ඇත.

එම වාර්තාවට මෙතනින් පිවිසෙන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *