ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පකිස්ථානයේ කරච්චි නුවර පැවැත්වෙන අවසන් එක්දින තරගයේදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ ධනුෂ්ක ගුණතිලක ලකුණු 133 ක් ලබා ගැනීමට සමත් විය.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 297ක් ලබා ගැනීමට සමත් විය. වේගවත් ආරම්භයක් ලබා දෙමින් ධනුෂ්ක ගුණතිලක පන්දු 134කින් ලකුණු 133ක් රැස් කළ අතර වේගවත් අවසානයක කරා රැගෙන ගිය දසුන් ශානක ලකුණු 42ක් ලබා ගත්තේය. පාකිස්ථානය වෙනුවෙන් මොහොමඩ් අමීර් කඩුලු 3ක් බිද හෙළීය.
2019-10-02