ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දී සිය 5වැනි ජාත්‍යන්තර ටෙස්ට් ශතකය ලබාගැනීමට ධනංජය ද සිල්වා සමත් විය. ඒ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 244ට ලකුණු 109කින් දායකත්වය ලබාදෙමිනි.
කොළඹ පී.සරවණමුත්තු පිටියේ පැවැත්වෙන තරගයේ පළමු හා දෙවැනි දිනයන්ට වර්ෂාවෙන් බාධා ඇතිවූ අතර කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම තෙවැනි දින දිවා ආහාරය වන විට සියලු දෙනා දැවී ලකුණු 244ක් ලබාගැනීමට සමත් විය. එහිදී නායක දිමුත් කරුණාරත්න ලකුණු 65ක් රැස් කරගැනීමට සමත් විය.
ධනංජය සිල්වා පන්දු 148කදී සිය ලකුණු 109 ලබාගත් අතර ඊට හතරේ පහර 16ක් හා හයේ පහර 2ක් ඇතුළත් විය. පන්දු යැවීමේදී නවසීලන්තය වෙනුවෙන් ටිම් සවුති කඩුලු 4ක් හා ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වූහ.
(Image – Cricinfo)