Thfinance

ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි

සේවක අර්ථසාධක අරමුදල විසින්, අර්බුදයට පත් මුල්‍ය සමාගමක් වන ද ෆිනෑන්ස් සමාගමේ ආයෝජනය කරන ලද රුපියල් මිලියන 205.49 ක මුදලක වත්මන් වෙළෙඳපොළ වටිනාකම ශූන්‍යයක් බවට පත්ව තිබේන බව වාර්තා වේ. සමාගමේ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු මේ වන විට අත්හිටුවා ඇති බැවින් එම කොටස්වල අගය ශූන්‍යයක් ලෙසින් වාර්තා වීම මීට හේතුවයි. මෙම තත්ත්වය සේවක අර්ථසාධක අරමුදලට පමණක් නොව එහි ආයෝජනය කළ සෙසු ආයෝජකයින්ට ද අත්ව ඇති පොදු තත්වක් වේ.

මෙයින් වඩාත් ඛේදජනක තත්ත්වයට මුහුණ පා ඇත්තේ 2011 වසරේ දී සිය තැන්පතු, ද ෆිනෑන්ස් සමාගමේ ‘ඡන්ද බලය අහිමි කොටස්‘ බවට පරිවර්තනය කරන ලද තැන්පත්කරුවන් ය. ඔවුන් එදා සිට මේ දක්වා සිය තැන්පතු වෙනුවෙන් කිසිදු පොළී ආදායමකට හිමිකම් නොකියූ අතර සමාගම විසින් කිසිදු අවස්ථාවක ලාභාංශ ගෙවීමක් ද සිදු කර නොමැත. වර්තමානයේ දී සමාගම ඈවර කළහොත් ඔවුන් කිසිදු ගෙවීමකට ද හිමිකම් නොකියනු ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *