Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

දේශපාලන වාද භේද දුරලා වසංගත තත්ත්වය මැඩපැවැත්වීමට පක්ෂ විපක්ෂ දේශපාලඥයින් එක්ව කටයුතු කළ යුතු කරන්නැයි ආදිවාසී නායකයා ඉල්ලීමක් කරයි

දේශපාලන වාද භේද දුරලා වසංගත තත්ත්වය මැඩපැවැත්වීමට පක්ෂ විපක්ෂ දේශපාලඥයින් එක්ව කටයුතු කළ යුතු කරන්නැයි ආදිවාසී නායකයා ඉල්ලීමක් කරයි

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තෝ පවසුවේ,දේශපාලන වාද භේද දුරලා වසංගත තත්ත්වය මැඩපැවැත්වීමට පක්ෂ විපක්ෂ දේශපාලඥයින් එක්ව කටයුතු කළ යුතු කාලය එළඹ ඇති බවයි.

මොණරාගල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආදිවාසී නායකයා සඳහන් කළේ, මේ අවස්ථාවේ සෑම කෙනෙකුටම යුතුකමක් ඇති බවය.

පක්ෂ, පාට, ජාති, ආගම්, දේශපාලන වාද භේද සෑම දෙයක්ම අමතක කර රට ගැන සිතා වැඩ කිරීම මේ මොහොතේ වඩාත් වැදගත් බවත් සඳහන් කළේය.

කෙසේ වෙතත් ඊයේ විපක්ෂය කැඳවා තිබූ මාධ්‍ය හමුවලදී කොරෝනා මර්දනය සඳහා රජය විසින් ගෙන යන ඇතැම් වැඩපිළිවෙල දැඩි දෝෂ දර්ශනයට ලක්වුණි.

සමගි ජන බලවේගය කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කළේ, “කොවිඩ් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය තිබුණට එතුමියට සල්ලි නෑ. ඉතින් සල්ලි ගන්න තමයි එතුමිය ධානපතින්ට ආරාධනා කළේ,” යනුවෙනි.

ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේ, “බරපතළ රෝග ලක්ෂණ නැත්නම් ගෙදර හිටපං කියන තත්ත්වෙට දැන් පත්වෙලා. ඒ ගෙදරට බෙහෙත් ලැබෙන ක්‍රමය මොකක්ද? කෑම බීමටික ලැබෙන ක්‍රමය මොකක්ද? ” යනුවෙනි.

 

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *