දේපළ ගැටලුවක් මත පියා ව ඝාතනය කළේ යැයි පුතා අත්අඩංගුවට

වේයන්ගොඩ ප්‍රදේශයේ විසු 67 හැවිරිදි පියෙක් ව ඝාතනය කළ බවට සැකපිට ඔහුගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, මියගිය පුද්ගලයාගේ දියණිය විසින් වේයන්ගොඩ පොලීසියට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවය.

තම සහෝදරයා තල්ලුකිරීමෙන් පියා මියගිය බවට එම පැමිණිල්ලේ සඳහන් ව ඇති අතර ඒ සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලීසිය විසින් සිදුකළ පරීක්ෂණවලදී ද ඒ බව අනාවරණය වී තිබේ.

පෙරේදා දිනයේ දී එම පුත්‍රයා නිවසට පැමිණ තම සහෝදරියට කිසිදු දේපළක් ලබා නොදෙන්නැයි පියාට පවසා ඇති අතර, එම අවස්ථාවේ දී ඔහු පියාව තල්ලුකර ඇත.

එහිදී තුවාල ලැබු පියා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *