දෙවන 20/20 තරඟයේ ජය ඉන්දියාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති දෙවන 20යි 20 තරගය කඩුලු 07කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් විය.

කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ වාරය ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදුන් අතර ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 142ක් ලබා ගත්තේය.

එහිදී කුසල් පෙරේරා ලකුණු 34ක් සහ අවිශ්ක ප්‍රනාන්දු ලකුණූ 22ක් ලබා ගැනිමට සමත් වුණි.

පිළිතුරු ඉනිම සඳහා පන්දුවටපහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 03ක් අවාසනයේ කඩුලු 03ක් දැවීසිටියදී ලකුණු 144ක් ලබා ගනිමින් තරඟයේ ජය වාර්තා කළේය.

කේ.එල් රාහුල් ලකුණ 45ක් සහ ශ්‍රියාස් අයියර් ලකුණු 34ක්ලබා ගත්තේය.

1 Comment

Leave a Reply

Your email address will not be published.