LK reports news sinhala

දෙමළ සන්ධානයේ වියාලේන්ද්‍රන්ගේ සහාය ගෝඨාට

එළඹෙන ජනාධිපතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.වියාලේන්ද්‍රන් මහතාගේ සහාය පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හට ලබා දෙන බව ප්‍රකාශකර තිබේ.

අද (14) මඩකළපුව ප්‍රදේශයේ ප්‍රගතිශීලි දෙමළ සන්ධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වියාලේන්ද්‍රන් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.වියාලේන්ද්‍රන් මහතා ප්‍රගතිශීලි දෙමළ සන්ධාන නායකයාද වන අතර ද්‍රවිඩ ජාතික සන්ධානයෙන් මැතිවරණයට ඉදිරිපත්වී පාර්ලිමේන්තුව නියෝජනය කරයි. පසුගිය 2018 ඔක්තෝබර් මාසයේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත්වූ අවස්ථාවේ සහායටද දෙමළ ජාතික සන්ධානයේ බහුතර මතයට විරුද්ධව ඔහු පැමිණියේය.

නමුත් ද්‍රවිඩ ජාතික සංධානය මෙවර ජනපතිවරණයේදී සහාය දෙන්නේ කාහටද යන්න තවම ප්‍රසිද්ධ කර නැති අතර එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් කියා සිටියේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයන් එළිදැක්වීමෙන් අනතුරුව තම පක්ෂයේ සහාය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්‍රකාශ කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *