Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

දෙමළ ජාතික සන්ධානයේ බොරුව සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් හෙළිකරයි

දෙමළ ජාතික සන්ධානයේ බොරුව සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් හෙළිකරයි

මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය ලබාදෙන්නැයි ආර්.සම්බන්දන් ඇතුළු දෙමළ ජාතික සන්ධානය ‍දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටීම හරහා සිදුවන්නේ එම ජනතාව නැවත වරක් රැවටීම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසයි.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්දන් කියා සිටියේ “මේ ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාව විශේෂයෙන් උතුරු නැගෙනහිර ඉන්න දෙමළ ජනතාව වෙනත් ප්‍රදේශවල ඉන්න දෙමළ ජනතාව රටේ ඉන්න හැමෝම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයෝගය දෙන ලෙසයි. එසේම හංසයා ලකුණට ඡන්දය දාන්න ඕන යනුවෙන්ද ඔහු කීය.

මේ අතර ඊ.පී.ආර්.එල්.එෆ් නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් කියා සිටියේ ඉලංගෙයි තමිල් අරසු කච්චි ආරම්භයේ සිටම ඒ අයත් සමග ඉන්න අනිකුත් පක්ෂ එක්ක එකතුවෙලා හෝ නැතුව සජිත් ප්‍රේමදාසට සහයෝගය දීමට එක තීන්දුවකට ඇවිත් තිබූ බවයි.
“එයින් පසුව වුණු හැම දෙයක්ම එයාලා අධ්‍යක්ෂණය කළ නාට්‍යක් කියලා අපි සිතනවා.ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය විශ්වවිද්‍යාල සිසුන්ව අතකොලුවක් ලෙස භාවිත කරලා යෝජනා 13ක් හැදුවත් අන්තිමේදි හැමෝම මෝඩයන් කරන විදිහට තමයි එයාලා හැසිරුණේ.

විශ්ව විද්‍යාල සිසුන් විතරක් නෙවෙයි එයාලත් සමග එකම මේසේ දි කතාකරපු අපිවත් තමයි රැවැට්ටුවේ.පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන දිනවන්න ඕනි කියලා කොන්දේසි රහිතව එයාට ඡන්දය දෙන්න කියලා දෙමළ ජනතාවට කියපු සුමන්දිරන්,ආර්.සම්බන්දන් ,මාවෙයි සේනාධිරාජා, මෛත්‍රීපාල දැන් රැවැට්ටුවා කියනවා.

ඒ විදිහට තමයි දැන් සජිත් ප්‍රේමදාසට සහයෝගය දෙද්දී ,සජිත් අවොත් මේ ප්‍රශ්න ඔක්කොම විසඳෙයි කියලත් බලය ලබාදෙයි කියලත් ආර්.සම්බන්දන් ත්‍රිකුණාමලයේදී කිව්වා. තවත් අවුරුදු හතර හමාරකින් පහකින් පස්සේ තමයි සජිත් ප්‍රේමදාස අපි රැවැට්ටුවා කියලා සම්බන්දන්ට තේරෙන්නේ “ යනුවෙන්ද සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් කියා සිටියේය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *