හිටපු අගමැතිවරයකු වූ දි.මු.ජයරත්න මහතා අභාවප්රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි පවසයි.
අසනීප තත්ත්වයක් හේතුවෙන් මහනුවර පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මියගොස් ඇති අතර මියයන විට 88 වැනි වියේ පසුවිය.
දි.මු.ජයරත්න මහතා 2010 -2015 මහින්ද රාජපක්ෂ රජයේ අගමැති ධූරය හෙබවූ අතර ඔහු පාර්ලිමේන්තුවට මුලින්ම තේරී පත්වූයේ 1970 වසරේදීය.