දිස්ත්‍රික්ක 5ක් සඳහා අධි අවදානම් තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීම්

ධාරානිපාත වර්ෂාවත් සමඟ කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නිල්වලා ගං නිම්නයේ පහත් බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

මෙම ප්‍රදේශවල පදිංචිකරුවන්ගෙන් සහ එම ප්‍රදේශ හරහා යන වාහනවලින් පරිස්සම් වන ලෙසත් ප්‍රමාණවත් පූර්වාරක්ෂාවන් ගන්නා ලෙසත් ඉල්ලා සිටී.

මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ දකුණු පළාතේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කරන බවයි.

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අතිශය දරුණු සුළි කුණාටුවක් වන මෝචා කුණාටුවෙහි වක්‍ර බලපෑම හේතුවෙන් දිවයිනේ දකුණු ප්‍රදේශවලට ද වැසි තවදුරටත් පවතිනු ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *