දිස්ත්‍රික්ක 14 කට තද අකුණු අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල සහ ගාල්ල, මාතර, අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ප්‍රබල අකුණු අනතුරු ඇඟවීමක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

රාත්‍රී 11.00 දක්වා බලපැවැත්වෙන පරිදි, දිස්ත්‍රික්ක 14 කට රතු අනතුරු ඇඟවීම් සහ දිස්ත්‍රික්ක 08 කට ඇම්බර් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව ප්‍රාදේශීය වශයෙන් තද සුළං ඇති විය හැකි අතර, අකුණු මඟින් සිදුවන හානිය අවම කිරීම සඳහා ප්‍රමාණවත් පූර්වාරක්ෂාවන් ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *