LK reports news sinhala

දිවි ඇත්තෙක් ක්‍රිකට් තහනම් කර තිබූ ශ්‍රීෂාන්ත්ට කොළ එළියක්

තරඟ පාවාදීමේ චෝදනාවක් මත ජීවිතාන්තය දක්වා තරග තහනමකට ලක්කර සිටි ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක එස්. ශ්‍රිෂාන්ත් අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව ඔහුගේ තරග තහනම යළි සලකා බලන ලෙස ඉන්දීය උපරිමාධිකරණය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට දන්වා ඇත.

ඒ අනුව තරග තහනම ලිහිල් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු යොදා ඇත.

ශ්‍රීෂාන්ත් හට 2013 සැප්තැම්බර් 13 වනදා ජීවිතාන්තය දක්වා තරඟ තහනමක් පැනවුණු අතර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබුණ අතර මේ වනවිට එය වසර 7ක කාලයක් දක්වා අඩුකර ඇත.

ඒ අනුව ඔහුගේ තරග තහනම ලබන 2020 වසරේ සැප්තැම්බර් මස 13 වන දිනෙන් අවසන් වීමට නියමිතය.
ඔහු ටෙස්ට් ක්‍රිකට් කඩුළු 87 ක් දවාගෙන තිබිණි.

“පමාවූ මගේ වෘත්තීය දිවියත් සමඟ ටෙස්ට් කඩුලු 100 ක ඉලක්කයක් ගන්න දැන් හැකිවේවි. මට ඉන්දීය ටෙස්ට් කණ්ඩායමට නැවත පැමිණිය හැකි බව මට විශ්වාසයි. විරාත් කෝලි යටතේ ක්‍රීඩා කිරීමට මට අවශ්‍යයි” යනුවෙන් ශ්‍රීෂාන්ත් මාධ්‍යයට පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *