දිවයිනේ ජනප්‍රියතම ටියුෂන් ගුරුවරු රැසක් ගෝඨාගේ සහායට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් මෙරට අතිවිශාල ටියුෂන් ගුරුවරුන් පිරිසකගේ සහාය පළ කරන හමුවක් පසුගියදා පැවැත්විණි. රාමඩා හෝටලයේ එම හමුව පැවති අතර පෞද්ගලික උපකාරක පන්ති දේශකවරුන්ගේ හමුවට ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වූ අතර එහිදී උපකාරක පන්ති ක්ෂේත්‍රෙය් ගුරුවරුන් මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරිණි.

ප්‍රසන්න බද්දෙවිතාන, තිස්ස ජනනායක, දුෂ්‍යන්ත මහබදුගේ, ගුණපාල රත්නසේකර, ලෙනාඩ් කුමාරගමගේ වැනි දිවයිනේ අතිශය ජනප්‍රිය උපකාරක පන්ති දේශකවරුන් මෙම අවස්ථාවට එක්ව සිටි අතර පොහොය හා ඉරිදා දිනවල උපකාරක පන්ති නොපැවැත්වීම පිළීබඳවද එහිදී සාකච්ඡාවට බඳුන්කර ඇත.

“ගුණාත්මක අධ්‍යාපනයක් තුළින් සමෘද්ධිමත් දේශයක් සඳහා“ යන්න තේමා පාඨය කරගනිමින් මෙම හමුව සංවිධානය කර තිබූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාද ඊට එක්ව සිටියේය.

(Images – gossiplankanews.com)

Related Links
ගෝඨාභයගෙන් භය වෙන අයට වටිනා අවවාදයක්. වීඩියෝ සහිතයි.
ගෝඨාභය 2020 රට හදන හැටි . කඩවත ජන රැළිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *