සජිත්ගේ 1326 නැතිවෙයිද?

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂ්ක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනපතිවරණ ප්‍රචාරණ කටයුතු සදහා යොදාගෙන ඇති 1326 කෙටි දුරකථන අංකය අත්හිටුවීමට අවධානය යොමුවී ඇතැයි විදුලි සංදේශ නියාමන කොමිසම පවසයි.

මෙම කෙටි දුරකථන අංකය නීති විරෝධීව ලබාගෙන ඇතැයි පසුගියදා පැමිණිල්ලක්ද ලැබී තිබිණි.

සජිත් ප්‍රේමදාස මහතා තමාට ජනපති අපේක්ෂකත්වය ලබාදෙන ලෙස බලකරමින් පැවැත්වූ ජන රැලිවලදී මෙම අංකය හදුන්වා දුන් අතර එම අංකයට Missed call එකක් ලබාදෙන මෙන් එම රැලිවලදී ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබිණි. ඒ අනුව ලක්ෂ ගණනක missed call 1326 අංකයට ලැබී තිබුණු බව වාර්තා විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *