දිය අගලක තිබී හමුවූ කොවිඩ් ආරක්ෂිත ඇදුම්.

මෙම කොවිඩ් ආරක්ෂක ඇදුම් ගිරිතලේ – බකමුන ප්රධාන මාර්ගයේ කබර බෝක්කුව ප්රදේශයේ දිය අගලකට විසි කරදමා ගොස් තිබියදී එම ප්රදේශයේ ආබාධිත පුද්ගලයෙකුට හමුව ඇත.
මෙම ඇල ගිරිතලේ වැව දක්වා ගමන් කරනු ලබන අතර එම ජලය සාමාන්ය ජනතාව විසින් භාවිතා කරන බැවින් විශාල සෞඛ්ය ගැටලුවක් වුවද මතුවිය හැකි බව ඔහු පවසා ඇත. පසුව මෙම ඇදුම් හා ආම්පන්න ගිනිතබා විනාශ කිරීමට කටයුතු කර ඇත.
