දැරණියගල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ,ජාතික ජල සම්පාදන මණ්ඩලයට අයත් ජල මාපක 98ක් සමග ඔහු අද අවිස්සාවේල්ල අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
දැරණියගල කුඹුරුගම ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක් සඳහා ගබඩාකර තිබූ ජල මාපක 477ක් ඇතුළු තවත් උපකරණ තොගයක් පසුගිය මාර්තු 30 වනදා කිසියම් පිරිසක් විසින් සොරකම් කර තිබූ අතර, පොලීසිය පැවසුවේ,අදාළ ගබඩාවේ ලිපිකරු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගත් බවයි .
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ, සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී ජල මාපක 98ක් සමග සැකකාර ප්‍රාදේශිය සභා සභාපතිවරයා අත්අඩංගුවට ගත් බවයි.