දළඳා වඳින්න හැඳුනුම්පත අරන් යන්න

Share this Article

ශ්‍රී දළදා මාළිගාව වැඳපුදා ගැනීම සඳහා දෛනිකව පැමිණෙන සැදැහැවතුන්ගේ ආරක්ෂාව තහවුරු කරනු පිණිස පැමිණෙන සියලූ සැදැහැවතුන් පිළිබඳ විස්තර තහවුරු කර ගැනීම සඳහා ජාතික හැඳුනුම්පත් රැගෙන ඒම අනිවාර්ය කර ඇති බව මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දැල මහතා අද (24) විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා.

ශ‍්‍රී දළදා මාළිගාවේ මෙන්ම මෙහි පැමිණෙන අනෙකුත් සැදැහැවතුන්ගේ ද සුරක්ෂාව පතා, ‘කොවිඞ් – 19’ වෛරස තත්ත්වය හේතුවෙන් මේ වන විට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප‍්‍රදේශයන්හි වෙසෙන පිරිස් සහ ඒ අයගේ ආශ‍්‍රිත පිරිස් ශ‍්‍රී දළදා මාළිගාවට ඇතුළත් කර ගැනීම දැනට නවතා ඇති බවද එහි දැක්වෙනවා.

 


Share this Article

Leave a Reply

Your email address will not be published.