LK reports news sinhala

දසුන් සහ ෂෙහාන් ශ්‍රි ලංකා ගෞරවය රැක ගනිති

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 67ක ජයක් ලබාගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය. කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 305ක් ලබාගැනීමට සමත්විය.

පාකිස්තානය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ බාබර් අසාම් ලකුණු 115 ක් ලබාගැනීමට සමත්විය. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සාර්ථක වීමට ඉඩක් නොලැබුණු අතර වනිදු හසරංග කඩුලු 2ක් දවා ගත්තේය.

ශ්‍රි ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 238ක් පමණි. ඒ පන්දුවාර 46 යි පන්දු 5ක් තුලදීය. ලකුණු 28ට කඩුලු 5ක් දැවී අසරණ තත්ත්වයට පත්ව සිටි ශ්‍රි ලංකා කණ්ඩායමට හයවැනි කඩුල්ල වෙනුවෙන් වාර්තාගත ලකුණු 177ක සබඳතාවයක් එක්කළ ෂෙහාන් ජයසූරිය සහ දසුන් ශානක විශිෂ්ට ඉනිමක නිරත වූහ. ෂෙහාන් ජයසූරිය ලකුණු 96ක් ලබාගත් අතර දසුන් ශානක ලකුණු 68ක් ලබාගැනීමට සමත් විය. පන්දු යැවීමේදී පාකිස්තානය වෙනුවෙන් උස්මාන් ෂින්වරි කඩුලු 5ක් බිඳ හෙළීමට සමත් විය.

දෙරට අතර පළමු තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණු අතර අවසන් එක්දින තරගය හෙට(2) පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *