LK reports news sinhala

මුස්ලිම් විවාහ නීතිය පොදු නීතියකට යටත් කිරීමට රතන හිමිගෙන් පනතක්

මෙරට පවතින විවාහ ආඥා පනත් තුන සංශෝධනය කිරීම සඳහා අතුරලියේ රතන හිමියන් විසින් පනත් කෙටුම්පත් තුනක් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දී තිබේ.

මෙරට සාමාන්‍ය විවාහ ආඥා පනත, මුස්ලිම් විවාහ හා දික්කසාද ආඥා පනත හා උඩරට විවාහ හා දික්කසාද ආඥා පනත සංශෝධනය කිරීම වෙනුවෙන් එම පනත් කෙටුම්පත් ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලාංකිකයන් සැම දෙනාම එක් පොදු නීති පද්ධතියකට අනුගත කිරීම, ප්‍රදේශ හා ජාතීන් පදනම් කරගත් විශේෂ නීති නිසා නීතිය ඉදිරියේ සියල්ලන් එක හා සමානය යන නියමය ඛණ්ඩනය වී ඇති බැවින් එය යළි ස්ථාපිත කිරීම, ප්‍රදේශ හා ජාතීන් පදනම් කරගත් විවාහ හා දික්කසාද නීති හේතුවෙන් පීඩාට පත් වින්දිතයන්ට හා පොදුවේ ශ්‍රී ලාංකිකයන්ට සාධාරණය ඉටු කිරීම අරමුණු කර ගනිමින් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.

සාමාන්‍ය ක්‍රමවේදය යටතේ මාස 03ක කාලයක්  මෙය සමිමත කරගැනීමට ගතවන බවද අතුරලියේ රතන හිමියෝ සඳහන් කළහ. මෙම පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු සිංහල තරුණියන් සහ මුස්ලිම් තරුණයන් විවාහ වීමෙන් පසු මතුව ඇති ගැටලුවලටත්, මුස්ලිම් යුවළක් දික්කසාද වීමේදී කාති උසාවියෙන් නියම කරන පරිදි දරුවන් පියා භාරයට පත් කිරීමෙන් මවට දරුවන් බැලීමට අවසර නොලැබීම වැනි අසාධාරණවලට ලක්වූවන්ට සාධාරණය ඉටු වන බවත් උන්වහන්සේ පවසා සිටියහ.

මෙම පනත සම්මත වීමෙන් පසු කාති උසාවිය අහෝසි නොවන අතර, මුස්ලිම් කාන්තාවන්ට අවශ්‍ය නම් මෙරට පොදු නීතියේ පිහිට පැතීමට අවස්ථාව හිමි වන බව රතන හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *