දරුවන්ව පාරවල්වල, කී‍්‍රඩාපිටිවල ක්‍රීඩා කරන්න යැවීමෙන් වලකින්න – රිජ්වේ ළමා රෝහලේ අධ්‍යක්ෂ

Share this Article

පවතින කොරෝනා තත්ත්වය හමුවේ පාරවල්වල සහ කී‍්‍රඩා පිටි තුළ කි‍්‍රකට්, ෆුට්බෝල්, වොලිබෝල් වැනි පිරිස් ඒකරාශී වන කී‍්‍රඩා වලට දරුවන්ට සම්බන්ධවීමට ඉඩ නොදෙන ලෙස රිජ්වේ ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටී. එසේ ඒකරාශී වීමට ඉඩ ලබා දීම තුළින් දරුවන්ට කොරෝනා ආසාදනය වීමේ හැකියාව වැඩි බවත්, ඒ පිළිඹදව අවධානය යොමු කරන ලෙසත් ඒ මහතා වැඩිදුරටත් දන්වා සිටියි.

ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ කොරෝනා ආසාදිතයන් විවිධ ප්‍රදේශ වලින් වාර්තා වන මේ කාල වකවානුව තුළ, දරුවන්ව නිවසින් පිටත පාරේ, කී‍්‍රඩා පිට්ටනිවල කී‍්‍රඩා කරන්න නොයවන ලෙසයි. එබැවින් මේ අවස්ථාවේ නිවසේම රැඳී, ව්‍යායාම් කටයුතු, කී‍්‍රඩා කටයුතු ආදියෙහි නිරතවීමට දරුවන්ව දැනුවත් කරන ලෙසත් දෙමාපියන්ගෙන් රෝහල් අධ්‍යක්ෂවරයා ඉල්ලා සිටියි.


Share this Article

Leave a Reply

Your email address will not be published.