දඹදිව සිද්ධස්ථාන වලට අපේ ආධාර අවශ්‍යයි

දඹදිව සිද්ධස්ථාන අලුත් වැඩියා කටයුතු සම්බන්ධයෙන් ලක්දිව දානපතියන්ගේ මෙන්ම ආණ්ඩුවේද අවධානය යොමු විය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

කත්මණ්ඩු ආනන්ද කුටියට 2015 වසරේ භූමි කම්පාවෙන් හානි සිදුවූ අවස්ථාවේදී එම කුටිය ගොඩ ගැනීම සඳහා ශ්‍රී ලංකාව ඩොලර් මිලියන දෙකක පරිත්‍යාගයක් කළ බව කී හිටපු ජනාධිපතිවරයා එම කුටිය නැවත සැකසුවේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නාහිමියන්ගේ 75 වන ජන්ම දෙන පුණ්‍යෝත්සවය අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.මරදාන මාලිගාකන්ද මහා බෝධි අග්‍රශ්‍රාවක විහාරස්ථානයේ දී මෙම පුණ්‍යේත්සවය පැවැත්විණි.

ඉත්තෑපානේ ධම්මාලංකාර කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානාහිමි ප්‍රමුඛ මහාා සංඝරත්නයද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලනඥයෝ ද ව්‍යවසායකයෝ ඇතුළු  පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *