දකුණු පළාත් සභාවේ වාහන 201ක් අතුරුදන්

දකුණු පළාත් සභාවේ ආයතනවල නමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබු වාහන සහ යතුරුපැදි 201ක භෞතික පැවැත්ම තහවුරු කර ගැනිමට නොහැකිවි ඇති බව ජාතික විගණන කාර්යාලය  දකුණු පළාත් සභාව සම්බන්දයෙන් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

දකුණු පළාත් සභාවේ ආයතනවල නමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිකර තිබු වාහන සහ යතුරුපැදි 178ක්, ආයතන විසින් ඉදිරිපත්කොට තිබු වාහන ලැයිස්තුවල සදහන් වාහන 07ක භෞතික පැවැත්ම තහවුරු කර ගැනිමට නොහැකිවි ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.

එමෙන්ම මුල්‍ය ප්‍රකාශනවල ගිණුම්ගතකර තිබු වාහන සහ යතුරුපැදි 04ක භෞතික පැවැත්ම තහවුරුකරගැනිමට නොහැකිවි ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *