දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිවිසුම අසළ අද උදෑසන අධික රථවාහන තදබදයක් හටගෙන තිබෙන බව වාර්තා වේ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමේ සේවකයින් කිහිපදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමත් සමග එම පිවිසුමේ ප්රවේශපත් කවුළුව තාවකාලිකව වසා දැමිණ.
ඒ හේතුවෙන් මාතර දෙසින් පැමිණෙන වාහනවලට කහතුඩුව ප්රවේශපත් කවුළුවෙන් මුදල් ගෙවා අධිවේගී මාර්ගයෙන් පිටවීමට සිදුවිය.
මේ වන විට කොට්ටාව අන්තර් හුවමාරුවේ සේවකයින් 12 දෙනෙකුට, කඩුවෙල අන්තර් හුවමාරුවේ සේවකයින් සිව් දෙනෙකුට හා අතුරුගිරිය අන්තර් හුවමාරුවේ එක් සේවකයෙකුට වෛරසය ආසාදනය වී ඇති බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් හා නඩත්තු අංශයේ වැඩබලන අධ්යක්ෂ මිහාල් ලොඩ්වික් ප්රකාශ කළා.