ත්රස්තවාදයට මඟපාදන අන්තවාදී සංවිධානයන්ට තවදුරටත් මෙරට තුළ ක්රියාත්මක වන්නට ඉඩ නොතබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. එතුමා මේ බව සඳහන් කළේ කොළඹ නිදහස් චතුරස්රයේ දී පැවැත්වෙන 72 වන නිදහස් දින ජාතික උත්සවය අමතමිනි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතගේ ප්රධානත්වයෙන් ජාතික දින සැමරුම් උළෙල ආරම්භ වූ අතර අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයා ජාතික දින සැමරුම් උළෙලට පිළිගනු ලැබුවා. මෙවර ජාතික නිදහස් දින සැමරුම් උළෙල ඉතා චාම් අයුරින් පැවැත්වීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබුණා.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 72 වැනි නිදහස් සමරු උළෙලේදී ජාතිය අමතා කළ සම්පූර්ණ කතාව.