ඊයේ සවස තුර්කියේ නැගෙනහිර සිව්රිස් පළාතේ 6.7 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් වාර්තා වී තිබේ. අවම වශයෙන් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තවත් 1,030 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට ආපදා මධ්‍යස්ථානය වාර්තා කරයි. එමෙන්ම සෝදිසි හා ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුවන බවත් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවටත් තුර්කියේ සෞඛ්‍ය අමාත්‍ය ෆැරෙටින් කොකා කියා සිටි.
මෙම භූමිකම්පාව “තුන්වන මට්ටමේ” සිදුවීමක් ලෙස අභ්‍යන්තර කටයුතු අමාත්‍ය සෙලේමන් සොයිලු සඳහන් කළ අතර එබැවින් ඒ සදහා ජාත්‍යන්තර සහාය අවශ්‍ය නොවන බවත් පවසා සිටියේය.
තුර්කිය සක්‍රීය භූ කම්පන දෝෂ රේඛා මත පිහිටා ඇති අතර නිරන්තරයෙන් භූමිකම්පා වලට ගොදුරු වේ. 1999 දී වයඹදිග තුර්කියේ සිදුවූ රික්ටර් මාපකයේ 7.4 ක භූමිකම්පාවකින් 17,000 කට වැඩි පිරිසක් මිය ගියහ.