තිසර යුද හමුදාවට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන තිසර පෙරේරා ශ්‍රී ලංකා යුධ හමුදාවට එක්වී ඇත. ඒ ස්වේච්ජා බලසේනාවේ බලලත් කමිෂන් නිලධාරියෙක් වශයෙනි. මේ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතාද ප්‍රකාශ සනාථ කළේය.

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ අරමුණින් තිසර පෙරේරා මෙලෙස යුද හමුදාවට එක්වී ඇති අතර ස්වේච්ඡා බලසේනාවට එක්වූ ඔහු යුද හමුදා මේජර්වරයෙක් වශයෙන් කටයුතු කිරීමට නියමිතය.

ඔහුගේ මව් ඒකකය වන්නේ ගජබා රෙජිමේන්තුවයි.

එසේම මිට පෙර දිනේෂ් චන්දිමාල් ද ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමට ක්‍රීඩා කිරිම සඳහා ස්වේච්ඡා බලසේනාවේ කමිෂන් නිලධාරියෙක් ලෙසට එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *