තායිලන්ත ලයන් එයාර් ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් අද අලුයම හදිසියේම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබස්වා තිබේ. මෙම ගුවන් යානය ජෙඩායි සිට ඉන්දුනිසියාවේ සුරබයා දක්වා පියාසර කන අතර තුරදී මෙම හදිසි ගොඩබැස්විම සිදුකර තිබෙනවා.
ගුවන් තොටුපල ආරංචිමාර්ග සදහන් කළේ මගීන් දෙදෙනෙකු අසනීප බව පවසමින් අද අලුයම 3.00 ට පමණ එම යානය කටුනායක ගුවන්තොටුපළට ගොඩ බැස්වූ බවයි. ඒ රෝගී වූ පුද්ගලයින් දෙදෙනාට ප්‍රථිකාර ලබා දීමටයි. කෙසේ වෙතත් යානය ගොඩ බස්වන විටත් එම මගීන් දෙදෙනා මිය ගොස් ඇති බව පොලිස් ආරංචිමාර්ග සදහන් කරනවා. එසේ අසනීපවීමෙන් මියගොස් ඇත්තේ ඉන්දුනිසියානු ජාතික කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකි.