කුලී රථ හා ත්රීරෝද රථවල රියදුරු හැරුණුකොට එහි ගමන් කළ හැකි උපරිම මගීන් ප්රමාණය දෙදෙනෙකුට සීමා කරන ලෙසට දන්වමින් වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්රමරත්න මහතා දිවයිනේ සියළු පොලිස් ස්ථාන වෙතට දැනුම් දීමක් සිදුකර තිබේ.
ඒ පොදු මගී ප්රවාහන සේවාවන් ක්රියාත්මක කිරීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ පිළිබඳ චක්රලේඛයක් නිකුත් කරමින්.
ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග දෛනික ජන ජීවිතය නිසිලෙස පවත්වා ගැනීමට පොදු මගී ප්රවාහන සේවාවන්හි ආරක්ෂක ක්රම වලට ප්රමුඛත්වය නොදී කටයුතු කරන අවස්ථා නිරීක්ෂණය වී ඇති බවයි වැඩ බලන පොලිස්පතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.