ත්‍රිකුණාමලයට පැමිණි නෞකාවක සිටින 17 දෙනෙකුට කොරෝනා

Share this Article

ත්‍රිකුණාමල වරායේ පිහිටි ඉන්දීයානු තෙල් සමාගමට, ඉන්දියාවේ සිට දැවි තෙල් මෙට්‍රික්ටොන් 4000ක් රැගෙන ආ නෞකාවක සිටි ඉන්දිය ජාතික කාර්ය මණ්ඩලයේ 17දෙනාට කොරෝනා වෛරසය වැලදි ඇති බව ඊයේ (26) සිදුකල පි සි.ආර්. පරික්ෂණයෙන් අනාවරණය වු බව ත්‍රිකුණාමලය ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ වසංගත රෝග විද්‍යා අංශයේ වසංගත රෝග වෛද්‍ය නිලධාරි වෛද්‍ය ටි.තිලෝජන් ප්‍රකාශ කර සිටී.

මෙම නෞකාව ත්‍රිකුණාමල වරායට ඉකුත් 25 වෙනිදා පැමිණ ඇති අතර කාර්ය මණ්ඩලයේ එක් සාමාජිකයෙකු අසනීප වීම නිසා මෙම පී.සි.ආර්. පරික්ෂණ සිදුකර තිබේ. එම PCR වාර්තාවන් ලැබෙන තෙක් එහි කාර්ය මණ්ඩලය නෞකාව තුලම රදවා ආරක්ෂිත ක්‍රමවේද භාවිතා කරමින් දැවිතෙල් නල මාර්ග ඔස්සේ ගොඩබෑමේ කටයුතු සිදු කර තිබේ.

පි.සි.ආර්. වාර්තාව නිකුත්විමත් සමගම නෞකාව වරායෙන් පිටත රැදිවිමට පියවර ගෙන ඇති අතර මේ වනවිට නැව රටින් පිටුවහල්කර මවු රටට යැවිමට බලධාරින් කටයුතු කරමින් සිටි. එතෙක් පිටත වරායේ නැංගුරම්ලා ඇති “කැරටි“ නැමැති මෙම නැවට පිටතින් නාවික හමුදාව අධික්ෂණ කටයුතු සිදුකරමින් සිටියි.


Share this Article

Leave a Reply

Your email address will not be published.