LK reports news sinhala

ත්‍රස්තවාදියාගේ සිරුරු කොටස් නිසා මඩකලපුව රත්වෙයි

පාස්කු ඉරිදා මඩකලපුව සියොන් දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ මුස්ලිම් අන්තවාදී ත්‍රස්තයාගේ සිරුරු කොටස් එම ප්‍රදේශයේ සුසාන භූමියක මිහිදන් කිරීමට විරෝධය පා මඩකලපු වැසියෝ විරෝධතාවයක නිරත වූහ.

රජයේ වියදමින් එම සිරුරු කොටස් මිහිදන් කළ අතර ත්‍රස්තවාදියාට ගරු බුහුමන් කිරීමට මෙවැන්නක් කරන බව කියමින් ප්‍රදේශයේ ජනතාව විරෝධය පෑහ. මහමග ටයර් පුළුස්සමින් පැය ගණනාවක් මාර්ග අවහිර කරමින් පැවැති විරෝධතාවය විසුරුවා හැරීමට ඊයේ(27) රාත්‍රියේ පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.

ඇතිවූ නොසන්සුන්තාවය හේතුවෙන් තුවාල ලැබූ කිහිපදෙනකු රෝහල් ගත කර ඇතැයිද වාර්තා වේ.

(Image – gossiplankanews.com)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *