කොවිඩ්

තවත් කොවිඩ් ආසාධිතයින් 102ක්, අද දිනයේ මේ දක්වා ආසාධිතයින් 239ක්

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 102ක් හඳුනා ගත් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. ඒ අනුව අද (31) දිනයේ රාත්‍රී 9.30 වන විට මෙරටින් හඳුනා ගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 239ක්. අවසානයට වාර්තා වූ ආසාදිතයින් 102 ගෙන් 21 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන තුලින් වන අතර සෙසු 81 දෙනා ආශ්‍රීතයින් බවටද වාර්තා වේ.

මේ වනවිට මිනුවන්ගොඩ කොරෝනා පොකුර ආශ්‍රිතව වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 7185ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර මෙරටින් වාර්තාවී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 10663ක් දක්වාද ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *