LK reports news sinhala

තරුණ ආකර්ශනයත් ගෝඨාට බව ගම්මන්පිල කියයි

රටේ තරුණයින් බොහෝ දෙනෙක් පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාට අයත් නොවන කෙනෙක් ජනාධිපති කළ යුතු බව කියා සිටින බවත් එක්සත් ජාතික පක්ෂය යෝජනා කරන සියලු දෙනා 225ට අයත් බවත් නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා එවැනි අයෙක් නොවන නිසා තම අපේක්ෂකයා තරුණයින්ටද ආකර්ශනීය අයකු වන බව පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය ගම්මන්පිල මහතා පවසයි.

කොළඹ පිහිටි සිය පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මේ අතර ජනාධිපති අපේක්ෂකත්වය මුල් කරගනිමින් එක්සත් ජාතික පක්ෂය අද කොටස් තුනකට බෙදි ඇති බවද ගම්මන්පිල මහතා කියා සිටියේය. එක්සත් ජාතික පක්ෂය මේ වන විට තුනට බෙදී රනිල්, සජිත් හා කරූ යනුවෙන් ඇණ කොටා ගන්නා බවත් පැවසු ගම්මන්පිල මහතා, ඇතැමුන් මේ තුන්දෙනාගෙන් කවුරු පැමිණියොත් වඩා හොඳ ද යනුවෙන් ප්‍රශ්න කර සිටින බවත් පැවසීය. තුනම එකයි යනුවෙන් පැවසු ගම්මන්පිල මහතා, මේ පුද්ගලයින් තිදෙනාගෙන් කවුරුන් ආවත් මොවුන්ට රට කළ නොහැකි බව පසුගිය වසර කීපය තුළ පෙනී ගිය බවද කියා සිටියේය.

(Image – Newsfirst.lk)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *