Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ගිහාන් පිලපිටියගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ගිහාන් පිලපිටියගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගය නිකුත් කරන මෙන් ඉල්ලා වැඩ තහනමකට ලක්ව සිටින හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, කොළඹ අපරාධ කොට්ඨාශය අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ. මෙම පෙත්සම සලකා බැලීම සඳහා අද(19) පෙරවරුවේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්. නවාස් සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙස තමන් මූලික විරෝධතාවක් මතු කරන බව සඳහන් කළේය.

තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කර ඇති බවට පෙත්සම්කරු සිය පෙත්සමෙන් සඳහන් කර තිබෙන කරුණ අසත්‍ය මෙන්ම විකෘති කරන ලද්දක් බව චෝදනා කර සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා එවැනි නියෝගයක් නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත ලබා දී නොමැති බව සඳහන් කළේය.

නිසි අධිකරණයක් වෙත කරුණු වාර්තා කර වරෙන්තුවක් ලබා ගන්නා ලෙස පමණක් නිතිපතිවරයා විසින් මෙහිදී පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙන බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර සිටියේය.

එම ඉල්ලීමට දැඩි විරෝධය පළ කළ ගිහාන් පිලපිටිය මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා නීතිපතිවරයා විසින් පෙත්සම්කරු අත් අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කර තිබූ බව ජනමාධ්‍ය ඔස්සේ පළකර තිබූ බව පැවසුවේය.

නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක් ජනමාධ්‍යවලට කරුණු දක්වමින් මෙවැනි නියෝගයක් ලබාදී තිබෙන බව සඳහන් කර තිබු බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා එම වාතාවරණය හමුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට පැමිණ මෙවැනි තොරතුරු ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව ලැජ්ජාවට පත්විය යුතු බවට ද අවධාරණය කර සිටියේය.

මෙම අවස්ථාවේදී ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සහ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක යන මහත්වරු අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදුවිය.

අනතුරුව පෙත්සම සලකා බැලීම අද දහවල් සිදු කිරීමට අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේය.

හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක දුරකථන සංවාද සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණයක අදාළව තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පති වරයා වෙත නිකුත් කර තිබෙන නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *