නිරෝධායනය

තමන් සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම ආරක්ෂකයා බව යුදහමුදාපති කියයි

තමන් එක් ජාතියකට පමණක් අයිති නොවන බවත් සමස්ත ලාංකිකයන් ආරක්ෂා කරන ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ හමුදාපතිවරයා බවත් නව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ඒ දෙමළ සන්ධානය ඇතුළු ඇතැම් ද්‍රවිඩ පිරිස් යුද හමුදාපතිවරයා සම්බන්ධයෙන් කළ ප්‍රකාශ පිළිබඳ මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

සිය ධුරකාලය තුළ යුද හමුදා බුද්ධි අංශවල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට කටයුතු කරන බව යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

2019 කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද(26) පස්වරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදි මාධ්‍යවේදින් ඇසූ පැනවලට තවදුරටත් පිළිතුරු දෙමින් විවීධ පාර්ශව විසින් සිය පත්වීම සම්බන්ධයෙන් කළ අදහස්වලට හමුදාපතිවරයා පැවසුවේ ඒ ඒ රටවලට ඔවුනගේ අදහස් ඉදිරිපත් කළ හැකි බවත් නමුත් රටේ යුද හමුදාවට අවශ්‍ය නායකයා ජනාධීපතිවරයා විසින් තොරා පත් කරන්නට ඇති බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *