ටෝකියෝ මැරතන්

ටෝකියෝ මැරතන් තරගය අවලංගු කරයි

Share this Article

මාරාන්තික නව කොරෝනා වයිරසය ජපානය තුළ ද ව්‍යාප්ත වීම නිසා ටෝකියෝ මැරතන් තරගාවලියේ ආධුනිකයන් වෙනුවෙන් පැවැත්වෙන ධාවන තරගාවලිය අවලංගු කිරීමට එහි බලධාරීහු ඊයෙ (17) පියවර ගත්හ. කොරෝනා වයිරසය පෙරට වඩා වේගයෙන් රට තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් ඇතැයි ජපන් රජය නිවේදනය කිරීමත් සමඟ සංවිධායකයෝ ඉහත තීරණය ගත්හ.

මේ හේතුවෙන් ධාවකයන් 38,000කට පමණ ධාවන තරගයට සහභාගී වීමට සිදු නොවන බව වාර්තා වේ.

‘‘ටෝකියෝ නුවරින් කොරෝනා ආසාදිතයන් කිහිපදෙනකු පිළිබඳ සිදුවීම් කිහිපයක් වර්තා වී තිබෙනවා. මේ නිසා අපට මේ තරගය සංවිධානය කිරීමේ දුෂ්කරතාවක් තිබෙනවා. ඒ නිසා තරගය අවලංගු කිරීමේ අවාසනාවන්ත තීරණයට එළැඹීමට අපට සිදුවුණා යැයි ටෝකියෝ මැරතන් පදනම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

කෙසේ නමුත් මෙම තීරණයෙන් රෝද පුටු භාවිත කරමින් මැරතන් තරගයට එක්වන ධාවකයන් ඇතුළු ප්‍රවීණ ධාවකයන්ට බලපෑමක් සිදු නොවන බව ද සංවිධායකයෝ කීහ. රෝද පුටු මැරතන් තරගකරැවන්ට ඒ සඳහා සහභාගී වීමට අවස්ථාව ලැබෙන්නේ මාර්තු 1 වැනිදා පැවැත්වීමට නියමිත මැරතන් ධාවන තරගයට ලියාපදිංචි වූ ධාවකයන් දස දහස් ගණනකින් ධාවකයන් 200කට පමණි.

ටෝකියෝ මැරතන් තරගයට ඉදිරිපත් නොවන්නැයි එහි සංවිධායකයෝ පසුගිය සතියේදී චීන තරගකරැවන්ගෙන් ඉල්ලා සිටියහ.


Share this Article

Leave a Reply

Your email address will not be published.