ටයරයක් පෙරළා සිසුවකු අනතුරට ලක්කිරීමට සම්බන්ධ ජපුර සිසුන් 23 දක්වා රිමාන්ඩ්

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරන පීඨයේ සිසුවෙකු වන පසිදු හිරුෂාන් සිසුවාගේ හිසට ටයරයක් අතැරීමේ සිද්ධියට සම්බන්ධ සිසුන් 6දෙනෙකු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 23 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් පෙරේදා (11) දිනයේ අත්අඩංගුවට ගත් සිසුන් පිරිස අතර ටයරට පෙරලූ සිසුවාද සිටින බව පොලීසිය වාර්තා කළා.

හිසට සිදු වූ අභ්‍යන්තර තුවාල හේතුවෙන් ජීවිත අවදානමකට පත්ව සිටින පසිඳු තවමත් යන්ත්‍රයක ආධාරයෙන් ප්‍රතිකාර ලබමින් සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *