දේශපාලඥයෙක් මෙන්ම දේශපාලන විචාරකයෙකු වූ ජේ.ආර්.පී. සූරියප්පෙරුම මහතා අභාවප්‍රාප්ත විය.
සූරියප්පෙරුම මහතා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වන විට 96 වැනි වියේ පසුවිය.
ශ්‍රී ලංකා නිදහස් පක්සයේ දැදිගම සංවිධායක ලෙස ද කලක් කටයුතු කළ ඒ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස 2010 සිට 2015 දක්වා කාලයේ කටයුතු කළේය.
විශ්වවිද්‍යාල ආචාර්‍යවරයෙක් වූ සූරියප්පෙරුම මහතා රූපවාහිනි වැඩසටහන්වලට සහ සංවාදවලට සහභාගි වෙමින් ජනප්‍රිය විය. ඒ මහතා පුවත්පත්, ගුවන්විදුලි සහ රූපවාහිනී මාධ්‍යයන්හි දේශපාලන, ආර්ථික හා ශාස්ත්‍රීය සංවාදවලට සහභාගී වෙමින් ශ්‍රී ලාංකිකයන් දැනුමෙන් පෝෂණය කිරීමට කටයුතු කළේය.