හිටපු අමාත්ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාට ලබන අඟහරුවාදා (ඔක්තෝබර් 20) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.
2009 වසරේ විදේශ අමාත්යාංශයේ පැවති රැස්වීමක් සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම සඳහා තමන් කැඳවා ඇති බව පීරිස් මහතා සඳහන් කළේය.
කොමිෂන් සභාව කළ දැනුම්දීම අනුව තමන් එහි පෙනී සිටීමට අපේක්ෂා කරන බවද ඔහු තහවුරු කර තිබේ.
අදාළ රැස්වීම සම්බන්ධ වැඩිදුර තොරතුරු හෝ විමර්ශනයේ ස්වභාවය මෙතෙක් අනාවරණය කර නොමැත.


