ජාතිය වෙනුවෙන් කැපවූ තරුණයාගේ අපූරු නිර්මාණය

මුලතිව් ගුරුකන්ද රාජමහා විහාරයේ පසුගියදා ඇතිවූ විවිධ ආන්දෝලනාත්මක සිදුවීම් හා දෙමළ අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් නිසා එහි ආරක්ෂාවට සීසීටීවී කැමරා සවි කිරීමට අවශ්‍යවුවද ඒ සඳහා අන්තවාදීන් අවස්ථාව නොදුන්හ. නමුත් උත්සාහවන්ත තරුණ පිරිසක් එහි උපක්‍රමශීලීව කැමරා සවි කළ අතර ඒ අනුව ගුරුකන්ද රජමහා විහාරයේ ආරක්ෂාවට එය බොහෝ සෙයින් උපකාරී විය.

උසාවිය නියෝග දුන්නේද එහි සවිකළ කැමරා ගලවන ලෙසයි. නායක හිමියන්ගේ ආදාහනයෙන් පසු එහි පසුකලෙක කැමරා සවිකළ අතර එයට දායක වූයේ මනෝජ් බස්නායක නමැති තරුණයෙකි. අනුරාධපුර පදවිය පදිංචි ඔහු මේ වෙනුවෙන් කළ කැපකිරීම බොහෝ පිරිසකගේ අගය කිරීමට ලක්විය.

ඔහු පසුගිය ජනපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් ගීතයක්ද නිර්මාණය කර තිබිණි.

17 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *