“ජවිපෙ පුද්ගලික දේපල අයිති ප්‍රතිපත්ති” ගැන සජිත් කනස්සල්ල මතු කරයි.

පෞද්ගලික දේපළ අයිතිය ඉවත් කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් ප්‍රධාන විපක්ෂයේ නායක, සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා කනස්සල්ල පළ කර තිබේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමදාස පෙන්වා දෙන්නේ පෞද්ගලික දේපළ අයිතිය ඉවත් කිරීමේ ජනතා විමුක්ති පෙරමුණේ යෝජනාව දැඩි අවධානයට ලක්වන බවත් එවැනි ආන්තික ක්‍රියාමාර්ගවලින් යහපතට වඩා හානියක් සිදුවනු ඇතැයි තමන් තරයේ විශ්වාස කරන බවත්ය.

එය පුද්ගල විමුක්තිය කරා ගෙන යනවා වෙනුවට පුද්ගල නිදහස යටපත් කර ආර්ථික වර්ධනයට බාධාවක් බව සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

“සමාජයක් ලෙස, අපගේ ප්‍රතිපත්ති අපේ රටේ සහ ජනතාවගේ සමෘද්ධිය ප්‍රවර්ධනය කරන බව සහතික කරන අතරම සමාජ සාධාරණත්වය සහ සමානාත්මතාවය සඳහා අප උත්සාහ කළ යුතුයි” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ කරුණු 60ක යෝජනාව: https://www.jvpsrilanka.com/english/about-us/party-programme/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *