Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

ජල සැපයුම අඩාල වූ වැලිගම ප්‍රදේශයට ජල සැපයුම ලබා දෙයි

ජල සැපයුම අඩාල වූ වැලිගම ප්‍රදේශයට ජල සැපයුම ලබා දෙයි

රාමසාන් දින ජල සැපයුම අඩාල වූ වැලිගම ප්‍රදේශයට අධික වර්ෂාව සහ ගංවතුර තත්වය හමුවේ වුවද ජල සැපයුම ලබාදීමට ජල සම්පාදන සේවකයෝ සමත් වෙති.

වැලිගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය ආවරණය වන පරිදි වැලිගම ප්‍රදේශවාසීන් සඳහා පානීය ජලය ලබා දෙන ප්‍රධාන ජල පොම්පාගාරය වන කනංකේ ජල පොම්පාගාරය (13) වන දින ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පොල්වතුමෝදර ගඟ ආශ්‍රිතව ඇති වූ අධික ගංවතුර තත්ත්වය නිසා පොම්පාගාරයේ සියලු ජල නල අපද්‍රව්‍ය සිරවීම මත අක්‍රීය විය. මේ හේතුව නිසා වැලිගම ප්‍රදේශයේ ජල සැපයුම ඊයේ මධ්‍යම රාත්‍රියෙන් පසු අඩාළ වී ඇත.

මුස්ලිම් ජාතිකයින් වැඩි වශයෙන් ජීවත්වන වැලිගම නගරාසන්න ප්‍රදේශයන්හි මෙම ජල සැපයුම අඩාල වීම ඔවුන්ගේ රාමසාන් උපවාස නිම කිරීමේ උත්සව දිනයේ සිදුවීම එම භක්තිකයන් දැඩි අපහසුතාවයකට පත් වන්නට හේතු විය.

මේ අවස්ථාවේදී වහාම ක්‍රියාත්මක වූ ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වැලිගම ප්‍රාදේශීය ඉංජිනේරු සදුන් කුමරප්පෙරුම මහතා සහ ස්ථාන භාර නිලධාරී ගාමිණී හලල්ල මහතා ප්‍රධාන ජල සම්පාදන කාර්මික හා නඩත්තු සේවා කාර්ය මණ්ඩලය මාතර දිස්ත්‍රික් ජල සම්පාදන කළමනාකරු ඉංජිනේරු සමීර විතාන මහතාගේ උපදෙස් මත අධික වර්ෂාව සහ ගංවතුර තත්ත්වය හමුවේ වුවද දැඩි පරිශ්‍රමයකින් මෙම සිරවී ඇති අපද්‍රව්‍ය ඉවත් කර ප්‍රධාන පොම්ප සියල්ල සහ නල මාර්ග යථා තත්ත්වයට පත්කර ගන්නා ලදී.

මෙහිදී ගාල්ල නාවික හමුදා කඳවුරේ කිමිදුම් බළකායේ නාවික සෙබළුන් හා නිලධාරීන්ගේද සුවිශේෂී වූ සහයෝගය මේ සඳහා හිමිවිය.

මුස්ලිම් ජාතිකයන්ගේ විශේෂිත ආගමික උත්සවයක් වූ රමසාන් උපවාස දිනය අවහිරයකින් තොරව පවත්වාගෙන යාමට සහ මෙම ආපදා සම්පන්න අවස්ථාවේ ප්‍රදේශවාසී සියලු ජනතාවට අපහසුතාවයකින් තොරව අවශ්‍ය ජල සැපයුම ලබා දීම සඳහා කැපවුණු සියලු නිලධාරීන්ට සහ සේවක මණ්ඩලයට ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සිය ප්‍රසාදය සහ විශේෂ ස්තූතිය පිරිනමන ලදී.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *