ජල ගැලීම් නිරීක්ෂණය කොට, විපතට පත් වී ඇතිනම් එම පුද්ගලයින් මුදවා ගැනීමට ගුවන් හමුදා හෙලිකොප්ටර්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 07ක ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ 61ට අයත් පවුල් 11,074කට අයත් පුද්ගලයින් 42,252 නෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ඇදහැලුනු අධික වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 04 දෙනෙකුද ජිවිතක්ෂයට පත් වූ බව එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසුවේය.
මේ අතර ජල ගැලීම් තත්ත්වයන් නීරීක්ෂණය සහ හදිස් ආපදා තත්ත්වයකදී මුදා ගැනීමේ කටයුතු සඳහා විශේෂ ගුවන් යානා කිහිපයක් යොදවා ඇති බව ගුවන් හමුදාව පවසයි.
ඒ ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශණ පතිරණගේ මහතාගේ උපදෙස් මතයි.
ඒ අනුව බස්නාහිර සහ දකුණු පළාත්වල එම කටයුතු සඳහා එම් ඒ 60 සහ වයි 12 වර්ගයේ ගුවන් යානා 02ක් යොදවා ඇත.
ඊට අමරතව ජල ගැලීම් තත්ත්වයන් නිරික්ෂණය සඳහා බීච් ක්‍රාෆ්ට් යානයක්ද, විපතට පත් ජනතාව ගලවා ගැනීමේ කටයුතු සඳහා හෙලිකොප්ටර් යානා 03ක්ද සුදානම් කර ඇති බව ගුවන් හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.